ඳිරි නීතිය උල්ලංඝණය කරමින් ගමන් කළ යතුරු පැදියක් අනතුරට ලක්වී සිදූවූ මාරක අනතුරකින් අවුරුදු 17ක් වන තරුණයෙක්
ජීවිතක්ෂයකට පත්ව ඇති බව පොලීසිය  පවසයි.
ඇඳිරි නීතිය පවතින අතරවාරයේ අද දහවල් 1.30 ට පමණ මෙම යතුරුපැදිය වේයන්ගොඩ නගරයේදී පොලිස් අණ නොතකා කලගෙඩිහේන දෙසට පළා යමින් සිටියදී දංවිලාන හන්දියේදී පෞද්ගලික රෝහලක ගිලන් රථයක එය ගැටී අනතුරක් සිදුව ඇත.
යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් තිබේ.
මියගිය අය නුංගමුව පල්ලෙවෙල ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණයෙකු බව හදුනාගෙන ඇත.
අනතුර සිදු කළ ගිලන් රථය පළාගොස් තිබූ අතර පසුව CCTV දර්ශන අනුව ගිලන් රථය යක්කල ප්‍රදේශයේදී රියදුරු  හා සහායක සමග අත්අඩංගුවට ‍ගෙන තිබේ.