චීනයේ ධනවත්ම මිනිසා වන අලි බබා සමාගමේ නිර්මාතෘ ජැක් මා විසින් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයකට මුහුණු ආවරණ මිලියන 1.8 ක් සහ
කොරොන වයිරස් පරීක්ෂණ
කට්ටල 210,000 ක් ලබා දීමට කටයුතු යොදා ඇත.
ජැක් මා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වේගයෙන් මෙය සැපයීම පහසු නොවන නමුත් එය සිදුකරන බව ඔහු පැවසීය.
“ආසියාවට යන්න ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, කාම්බෝජය, ලාඕසය, මාලදිවයින, මොන්ගෝලියාව, මියන්මාරය, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව සඳහා හදිසි සැපයුම් මුහුණු, ආවරණ මිලියන 1.8 ක් පරීක්ෂණ කට්ටල 210000 ක් , ආරක්ෂිත ඇඳුම් කට්ටල 36000 ක් , සහ වාතාශ්‍රය සහ උෂ්ණත්වමාන අපි පරිත්‍යාග කරන්නෙමු. වේගයෙන් බෙදා හැරීම පහසු නැත, නමුත් අපි එය සිදු කරමු! ”ඔහු ට්වීට් කළේය.

ජැක් මා මින් ඉහත ඇමරිකාවටද මුහුණු ආවරණ හා පරීක්ෂණ කට්ටල මිලියන ගනනක තොගයක් යවා තිබුණි.