[Trending][btop]
[News][stack]

දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 17 හා 61 වියැති දෙදෙනෙක් බදුල්ල රෝහලට


දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (16) අසාධ්‍ය තත්වයෙන් බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කර ඇති බව දියතලාව පොලිසිය සඳහන් කළේය.


ඉතාලියේ සිට පැමිණ දියතලාව පැරණි ලටෙක් ඉංජිනේරු වැඩබිමෙහි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි වයස අවුරුදු 17 ක පිරිමි අයෙකු හා වයස අවුරුදු 61 ක කාන්තාවක් මෙසේ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම දෙදෙනාම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියදී උණ රෝගයට ලක්වීම හේතුවෙන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා විය.