කොරොනා වෛරසය නිසා දිනෙන් දින රෝගීන් ඉහළයාම හා ඇතිව තිබෙන බියජනක පරිසර තත්වය පාදක කොටගෙන ශ්‍රී ලංකාව ලොක්ඩවුන් කරන ලෙස ඉල්ලා ෆේස්බුක් ඉන්ස්ටර්ග්‍රැම් ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය
රැල්ලක් බිහිකර තිබේ.
රජය මගින් 16 සදුදා නිවාඩුව දීර්ඝ නොකිරීමේ තීරණය අනපේක්ෂිත එකක් ලෙස හදුන්වා පොස්ටු පළවීමෙන් පසුව මෙම රැල්ල බිහිවිය.
කෙසේ වෙතත් සදුදා මධ්‍යම රාත්‍රියේදී රජය පමාවී තීරණය කළේ දින 3 ක රජයේ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරන්නටය.
සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ ඉල්ලීම වී ඇත්තේ කිසිවෙකුට එළියට යන්නට නොදී චීනයේ වුහාන් බදු අගුළු දැමීමක් ලංකාව පුරා සිදු කරන ලෙසයි.
#Lockdown_SL යන ටැග් එකද මේ සමග හුවමාරු වෙමින් පවතී.