හෙට(17) සිට රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර ඇති බව ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ අනුව අගහරුවාදා , බදාදා සහ බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බව රජය නිවේදනය කර ඇති බව
දැක්වේ.
කෙසේ වෙතත් මෙම නිවාඩුව සෞඛ්‍ය, ආහාර සැපයුම්, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා බල නොපැවැත්වෙන බවත් ඒ හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03ක නිවාඩුව බල පැවැත්වෙනු ඇති බවත් සඳහන් කර ඇත.
පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබාදෙන මෙන් රජයේ ඉල්ලා සිටින අතර සඳුදා දිනයේ මෙන් බැංකු හා වෙළෙඳ නිවාඩුවක් නොවේ.
කොවිඩ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ අවධානය යොමුකරමින් තවදුරටත් මෙම නිවාඩුව දීර්ඝ කිරීම හෝ නොකිරීම පිළිබඳ සලකා බැලීමට නියමිත බවද රජයේ නිවේදනය උපුටා දක්වන මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
දෙරණ නාලිකාව මෙම නිවේදනය අද රාත්‍රී විකාශය කළේ පහත පරිදිය.