කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීම සැළකිල්ලට ගනිමින් එළඹෙන 16 සඳුදා දින


රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය
ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසා තිබේ.
ඔහු සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය පරිදි අදාළ තීරණය ගත් බවයි.
අනතුරුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා සිටියේ පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන ලබන සඳුදා (16) දින රජයේ,බැංකු,වෙළඳ ( Public,Bank,Mercantile ) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තහවුරු කළ බවයි.