https://www.gossiplankanews.com/2020/03/15room-house-priyantha.html#more
හංවැල්ල, ඉහළ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි කාමර 15කින් යුත් තමාට අයත් නිවාඩු නිකේතනය විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධනය කිරිම සඳහා ලබාදී ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ඇතුළු
නිවාඩු නික්තනය  සියලු පහසුකම්ද සැලසීමට හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු  වන දේශමාන්‍ය එච්.ඩී.ආර්. ප්‍රියන්ත මහතා කැමැත්ත පළකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.  ව්‍යාපාරික ප්‍රියන්ත මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ දැනුම්දීමට අනුව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා මහතා ප්‍රමුඛ නිලධාරින් පිරිසක් එම ස්ථානය නිරෝධායන කටයුතු සඳහා සුදුසුදැයි යන්න පිළිබඳව ඊයේ (12) එහි ගොස් මූලික පරික්ෂණයක් සිදුකළ බවද එම අමාත්‍යාංශය පවසයි.


නිවාඩු නිකේතනයේ සෑම කාමරයක්ම වැසිකිළි සහ නාන පහසුකම්වලින් සමන්විත අතර නිවාඩු නිකේතනයේ උත්සව සඳහා භාවිත කළ පරිශ්‍රයේද තවත් කාමර ගණනාවක් ඉදිකර ඒවාද භාවිත කළ හැකි බව මෙම පරීක්ෂණයේදී අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා මහතා මෙසේ කීවේය. ව්‍යාපාරික ප්‍රියන්ත මහතාගේ දැනුම්දීමට අනුව මෙහි මූලික පරික්ෂණ කටයුතු සඳහා අප අද දින පැමිණියා. ඇත්තෙන්ම මෙය ඉතා අගනා සත් ක්‍රියාවක්. මේ ආකාරයෙන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී තම ධනය හා දේපළ පරිතාග කරමින් ශ්‍රී ලාංකීය ජනතාව කොවිච් 19 රෝගයෙන් බේරාගැනීම සඳහා කටයුතු කිරිම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් ස්තූතිය පුද කරනවා.

එහිදී අදහස් පළකළ දේශමාන්‍ය එච්.ඩී. ආර්. ප්‍රියන්ත මහතා  මෙසේ සඳහන් කළේය. ඇත්තවශයෙන්ම මා මේ ගැන හිතන්න ගත්තේ හැඳල ලාදුරු රෝහල අසල සිදුවූ සිද්ධියත් සමගයි. අපි ඒ තත්වයට වැටෙන හොඳ නෑ. ශ්‍රී ලාංකිකයන් කියන්නේ හොඳින් ආගන්තුක සත්කාර දන්නා පිරිසක්. අපේම සහෝදරයන් තමන්ගේ මව්බිමට එනකොට අපි ආදරයෙන් ඔවුන් රැක බලාගත යුතුයැයි සිතා මේ නිවාඩු නික්තනය ඔවුන්ගේ නිරෝධායනය කටයුතු සඳහා ලබාදීමටත් ඒ අයන්ගේ ආහාර පාන ඇතුළු සියලු පහසුකම් ලබාදීමටත් මා තීරණය කළා.

මොරගහහේන බුද්ධික කුමාරසිරි