COVID-19 පැතිරීම අවම කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුළුල් ප්‍රයත්නයන්හි කොටසක් ලෙස හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් අවශ්‍යතාවයක් ඇත්නම් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස මීගමුවෙ හි ක්ලබ් හෝටල් ඩොල්ෆින් රජයට ලබා දීමට කැමැත්ත පළ කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් COVID-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට හේමාස් සමාගම විසින් මෙම යෝජනාව දැනුම් දී ඇති අතර ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටී.
ක්ලබ් හෝටල් ඩොල්ෆින් යනු තරු 4 කින් යුත් හෝටලයකි. එය කාමර 154 කින් සමන්විත වේ. එය හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි කොටසක් වන සෙරෙන්ඩිබ් හොටෙල්ස් පීඑල්සී සතුය.


මෙය කොරෝනා නිරෝධායනයට තම හෝටල ලබාදෙන්නට ඉදිරිපත්වූ දෙවන සමාගමයි.
මින් ඉහත වස්කඩුවේ සිට්‍රස්
 හෝටලයද මෙලෙස ලබාදෙන්නට කැමතිවී ඇත.
කෙසේ වෙතත් මෙම හෝටල නොමිලයේ ලබාදෙන බවක් සදහන් වන්නේ නැති අතර රජය භාවිතයට ගැනීමේදී අදාළ වියදම රජයෙන් අයකරනු ඇතැයි විශ්වාස කෙරේ.
මේ දිනවල කොරෝනා ව්‍යාප්තිය ඇදිරි නීතිය  හා ගුවන් තොටුපල වැසීම නිසා හෝටල සියල්ල අකර්මන්‍ය වී තිබේ.