කාමර 150 කින් යුත් Citrus Waskaduwa නමැති තරු පන්තියේ හෝටලය අවශ්‍යතාවයක් මතුවුවහොත්
තාවකාලිකව COVID-19 වැළැක්වීම

සඳහා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට අවසර ලබාදෙන බව එම පාලනාධිකාරිය මගින් යුදහමුදාපතිවරයාට ලිපියක් යොමු කර ඇත.
මෙම හෝටලය මේ සදහා නොමිලයේ ලබාදෙන බවක් එම ලපියේ සදහන් වන්නේ නැති අතර රජය භාවිතයට ගැනීමේදී අදාළ වියදම රජයෙන් අයකරනු ඇතැයි විශ්වාස කෙරේ.
මේ දිනවල කොරෝනා ව්‍යාප්තිය ඇදිරි නීතිය  හා ගුවන් තොටුපල වැසීම නිසා හෝටල සියල්ල අකර්මන්‍ය වී තිබේ.