පසුගිය දිනෙක ඉතාලියේ සිට නැවත මෙරටට පැමිණ  මාරවිල ප්‍රදේශයේ ස්වයං නීරෝධානයට ලක් වෙමින්
සිටි පුද්ගලයකුට කොවිඩ් – 19 හෙවත් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් ගත කර ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි.
ඩතාලියේ සිට පැමිනි පසු දින
කිහිපයක් ස්වයං නිරෝධායනයේ යෙදී ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපදෙස් මතයි. ඔහු තමන්ගේ නිවසේ සිට ස්වයං නිරෝධනයට ලක්වී තිබෙන අතර පසුගිය 19 වැනිදා රාත්‍රීයේ සිට මෙම පුද්ගලයාගෙන් රෝගී ලක්ෂණ මතුවී ඇත.
මේ හේතුවෙන් ඔහුගේ ඥාතීන් ඒ පිළිබඳ මහවැව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර ඇති අතර ඒ අනුව ක්‍රියාත්මක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, මාරවිල මූලික රෝහලෙන් ගිලන් රථයක් ගෙන්වා ආරක්ෂාකාරි ලෙස මෙම රෝගියාව කුරුණෑගල ශීක්ෂණ රෝහලට පිටත් කර තිබේ.