බ්‍රහස්පතින්දා (18) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගුවන් යානා පැමිණිම නතර කර තිබුණ අතර අවසන් යානය පමණක් අද පාන්දර 4 ට පමණ පැමිණියේය. නමුත් ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන්
පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ ගුවන් යානයට ඒමට අවශ්‍ය බව දන්වා තිබුණි.
එය අද (19) දහවල් කටුනායක

ගුවන් තොටුපළ වෙත පැමිණියේ  සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ අවසර ලබා ගැනීමෙන් පසුවය.
මෙම යානයේ විශේෂ පුද්ගලයින් ප්‍රභූන්ට සම්බන්ධ ඥාතීන් ඇතුළු එක්සත් රාජධානියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 148  දෙනකු සිටි බව වාර්තා වේ.

මේ වනවිට එක්සත් රාජධානියේ කොරෝනා මරණ 100 ඉක්මවා අන්තරායකාරී අවස්ථාවක පසුවේ.

අද දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමි‍ණි එම මගීන් සියලු දෙනා නීරෝධායනය සඳහා යොමු කිරිමට පියවර ගෙන ඇතැයි ගුවන් තොටුපළ ආරංචි වාර්තා කර තිබේ.
ටික කලෙකට වසා තැබෙන කටුනායක ආගමන කවුළුවෙන් ඇතුළුවුන  අවසන් පිරිස ඔවුන් විය.