6.40 pm
කොරෝනා වෛරසය ආසාදිත 11 වන ශ්‍රී ලාංකික රෝගියා ද තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අද සන්ධ්‍යාවේ ප්‍රකාශ කළේය.
45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන මොහු මීට පෙර රෝගය තහවුරු වූ ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයා සමග එම සංචාරයේ යෙදුණු අයෙකු බවයි ඔහු කියා සිටියේය.
2.40 pm
අද සවස 2.30 වනවිට මෙරටින් තහවුරු කරගෙන වෛද්‍ය ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 10ක් වූ බව සෞඛ්‍ය
සේවා අධ්‍යක්ෂ

ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද දහවල් පැවසුවේය. සියල්ලන්ගේම තත්වය සුව වියහැකි මට්ටමේ බවත් බරපතල නොවන බවත් දන්වා සිටියේය.
වෙනත් රෝහල් වල සිටි අයද අද වනවිට කොළඹට ගෙන්වූ බවත් මෙරටින් සොයාගත් සියලුම කොරෝනා (COVID-19) ආසාදිතයින් ප්‍රතිකාර සඳහා අංගොඩ බෝවන රෝග විද්‍යායතන (IDH ) ⁣රෝහලට ඇතුළත් කරන ලද බවත් ඔහු දන්වා සිටියේය.