ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි අද (14) අභාවප්‍රාප්ත වූයේය.හදිසියේ ඇතිවූ අසනීප  තත්වය මත ඔහු නික්ම ගියේය. යුක්තිය පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා වශයෙන් කටයුතු කර ඇති වගආරච්චි මහතා
“ලක්බිම” පුවත්පතේ
ආරම්භක නියෝජ්‍ය කර්තෘවරයකු ලෙස සේවය කර පසුව දිනපතා ලක්බිම පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙසද කටයුතු කළේය. “ඉරිදා පෙරමුණ” පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ලෙසද “දිනමිණ” පුවත්පතේ කර්තෘ ධුරය ද දරා පසුව ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද ඔහු සේවය කර තිබෙයි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක ලේකම්වරයකු ද වේ.