අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියෙකුට කොරෝනා රෝගය වැළදි ඇතැයි සැකයට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත්  කිරිමෙන් අනතුරුව එම රෝගයට බියෙන් බන්ධනාගාර නිලධාරින් විශාල පිරිසක්
සේවයට වාර්තා නොකිරිමෙන් බන්ධනාගාරයේ රාජකාරි කටයුතු වලට බාධා එල්ලවු බව එහි උසස් නිලධාරියෙකු අද (15) දින පැවසිය.

මෙම පුද්ගලයා දිර්ඝකාලයක් අසර්බයිජාන් රටේ සේවය කොට ඩුබායි රාජ්‍ය හරහා පසුගිය මාසයේ 17 වැනි දින දිවයිනට පැමිණි  පුද්ගලයෙකි.

ගල්කිරියාගම,දේවහුව ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා රථවාහන නඩුවක් සම්බන්ධයෙන් කැකිරාව අධිකරණය මගින් රුපියල් විසිපන් දහසක දඩයකට යටත්ව එය නොගෙවිමේ හේතුවෙන් බන්ධනාගාරගතවු  අයෙකි.

මෙම පුද්ගලයා රෝහල් ගතකිරිමෙන් පසුව එම රෝගයට බියෙන් 215කට ආසන්න බන්ධනාගාර නිලධාරින්ගෙන් 150කට ආසන්න පිරිසක්ම සේවයට වාර්තා නොකළ බව බන්ධනාගාර අධිකාරි රෝහණ  ගලප්පත්ති මහතා අප කල විමසුමකට පිළිතුරු  දෙමින් පැවසිය.