පසුගිය සතියේ ලංකාවේ කොරෝනා ආසාදිතයින් මුල් වරට හමුවීමට පටන් ගත් පසුව මත්තෙගොඩ ප්‍රදේශයේ ජයන්ත රණසිංහ නමැති සංචාරක මාර්ගෝපදේශකයාට මුල්වරට කොරෝනා ධනාත්මකවූ බව පැවසිණි. අනතුරුව රණසිංහ මහතා සමග අවසන් සංචාරය අතරදී දඹූල්ලේ අමායා ලේක් හෝටලයේ රියදුරු
නිවස්නයේ එක ළග

ගැවසුණ තවත් සංචාරක මගපෙන්වන්නෙකුට මෙම රෝගය වැළදුණ අතර ඔහු දෙවැනි රෝගියා ලෙස හදුනාගන්නා ලදි.
ඔහු වාසය කළේ කොළඹ බොරැල්ල දෙමටගොඩ ප්‍රදේශයේය. මුස්ලිම් පුද්ගලයෙකුවූ ඔහුගේ නිවසේ 13 දෙනෙකු වාසය කර තිබූ අතර ඉන් 8 දෙනෙකුට කොරෝනා ආසාදිතදැයි පරීක්ෂණ සිදුවිය. කොළඹ බොරැල්ලේ ප්‍රසිද්ධ බාලක පාසලක ඉගෙනුම ලබන පුතුන් ද එම නිවසේ වාසය කළ 17 හැවිරිදි මුස්ලිම් තරුණියකද මෙම පරීක්ෂාවට ලක්වූ අය අතර සිටි අතර ඊයේ (14) කොරෝනා ආසාදිත 10 වැනියා ලෙස ප්‍රකාශයට පත්වූයේ එම 17 හැවිරිදි තරුණියයි. ඇය පෙර කී සංචාරක මග පෙන්වන්නාගේ සමීප ඥාතී දියණියක ලෙස හදුනාගෙන ඇත.
අද උදෑසන සියලු ජනමාධ්‍ය ඒක රාශි කරමින් පැවැත්වූ සාකච්ඡාව අතරතුරදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා මෙම පවුලේ අය උදාහරණයට ගෙන එමින් පැවසුවේ මේ ආකාරයට එකිනෙකා අතරට මෙම වෛරසය ගමන් කළ හැකි බැවින් ප්‍රවේශම් වන ලෙසයි.