කොරෝනා වෛරසය මර්දනය කිරීමේ වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබාදීමට මෙරට ක්‍රියාත්මක
සියලු දුරකථන සමාගම් එකගතාවය ලබාදී ඇති අතර ඒ අනුව මහජනතාව දැනුවත් කරන පණිවිඩ නිකුත් කිරීම දැනටමත් අරඹා ඇත.
එය ඇතැම් සමාගම්

වල අවුට්ගොයින් කෝල් ගනිද්දී  කියැවෙන හඩ පට ධාවනයක් ලෙස ක්‍රියාත්මක අතර
රිගින් ටෝන් හරහා “කොරෝනා වැළකීමේ උපදෙස්” ලබා දීමට ඇතැම් සමාගම් පියවර ගෙන ඇත.
ඒ අනුව කොරෝනා වෙතින් වැළකීමට හදිසි පණිවිඩ අංක මතක් කර දෙන අතරම විවිධ සෞඛ්‍යාරක්ෂක පණිවිඩද නිකුත් වේ.