ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප‍්‍රවීණ ගායන ශිල්පී සංගීත විශාරද ජගත් වික‍්‍රමසිංහ පත්කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍යංශය පවසනවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ

සභාපතිවරයා වශයෙන් ඔහු බ‍්‍රහස්පතින්දා (13) වැඩ බාරගැනීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ, කලාවේ විවිධ ක්‍ෂේත‍්‍රයන් නියෝජනය කළ දැවැන්තයන් බිහිකළ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් පත්වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි.

එමෙන්ම ගුවන් විදුලියේ අභිමානය සුරැකෙන අකාරයෙන් තමන් කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගිය මස 30 වැනිදා වැඩ බාරගත් රෝහණ දේව පෙරේරා මේ මස 3 වැනිදා එම තනතුරින් ඉවත්කෙරුනේ අභ්‍යන්තර විරෝධතා නිසාය.