මේ දිනවල චීනයේ පැතිරයමින් පවතින කොරෝනා වෛරසය හේතු කොටගෙන චීනයෙන් අමතර කොටස් ගෙන්වා කොරියාවේ නිෂ්පාදනය කරන ප්‍රකට වාහන නිෂ්පාදනයක් වන හුන්ඩායි සිය කම්හල් ජාලයම වසා දමා ඇත.

මීට හේතුව ප්‍රමාණවත් අමතර කොටස් චීනයෙන් ගෙන්වීම නොහැකිවීම නිසා සිය නිෂ්පාදන සිදු කරගන්නට විකල්පයක් නොවීමයි.
අත්හිටුවීම නිවේදනය කරමින් හුන්ඩායි චීනයේ ප්‍රධාන භූමියෙන් පිටත මෙහෙයුම් නැවතූ පළමු ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදකයා බවට පත්විය.

චීනයේ, හුන්ඩායි සහ තවත් මෝටර් රථ නිෂ්පාදකයින් කිහිප දෙනෙකු දැනටමත් රජයේ මඟ පෙන්වීම් අනුගමනය කර අමතර කොටස් සපයන කර්මාන්තශාලා වසා දැමීමට නියෝග කර තිබේ. එම නිෂ්පාදකයින් අතර ටෙස්ලා, නිසාන් සහ හොන්ඩා මෝටර් ඇතුළත් වේ.

“හුන්ඩායි සහ කියා අනෙකුත් ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයින්ට වඩා චීනයෙන් අමතර කොටස් ආනයනය කරන බැවින් ඒවා වඩාත් බලපෑමට ලක්විය හැකිය” යැයි කොරියාවේ කාර්මික ආර්ථික හා වෙළඳ ආයතනයේ ලී හැං-කූ පැවසීය.
කොරියාවේ හුන්ඩායි කම්හල්වල 25000 කට අධික සේවක පිරිසකට මම වසාදැමීම නිසා රැකියා නතරවී ඇත.

වෙළෙඳපොළ ආරංචි පවසන්නේ තවත් බොහෝ ව්‍යාපාර වෛරස් පැතිරීම නිසා සිදුවන පාඩු සඳහා සූදානම් වෙමින් සිටින බවයි.