සුගිය කාලයේ මෙරට මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහස් පළ කළ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පසුගිය දිනවල රජය මගින් සයින්දුමරුදු වෙනම නගර සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.
'ලංකාවෙන් හම්බයන් අතුගා දැමිය යුතුය' වැනි අදහස් මීට කලකට පෙර
ප්‍රවර්ධනය කළ උන් වහන්සේ දැන් කියා සිටින්නේ මෙම ක්‍රියාව ඉතාම අගය කළ යුතු හොඳ වැඩක් බවයි. එය සාධාරණය ඉටු කිරීමක් බවද පෙන්වා දෙන එහිමියන් කල්මුනේටත් වෙනම නගර සභාවක් ලබාදෙන්නැයි යෝජනා කර තිබේ.
ඒ ගැන දැක්වූ අදහස මෙසේය.


'සයින්දමරුදු වෙනම පරිපාලන ඒකකයක් බවට පත් කිරීම හොඳයි. ගොඩක් අය මේ කලබල වෙලා අන්තර්ජාල මාධ්‍ය තුළ සයිබර් අවකාශේ නොයෙක් දේවල් ලියනවා. හැබැයි ඇත්ත කතාව ඒක විය යුතු දෙයක්.ඒ වගේම අපි ආණ්ඩුවට බල කර හිටිනවා.

අවුරුදු 30 ක් තිස්සේ කල්මුනේ වෙනම පරිපාලන ඒකකයක් ඉල්ලලා අපේ දෙමළ සහෝදරයින් පුදුම අරගලයක් කරගෙන ගියා මාරාන්තික උපවාස පවා කළා. ඒ නිසා සයින්ද මරුදු වැසියන්ට කරපු සාධාරණය වගේම මේ ආණ්ඩුවට බලකර හිටිනවා කල්මුනේ අයටත් අවස්ථාව දෙන්න කියලා.

මොකද සයින්දමරුදු වල සහරාන්ගෙ සිද්ධියක් අල්ලගෙන කෑකෝගැහුවාට ඇත්ත කතාව එය විය යුතුම දෙයක්. ඉතිං ඒ විය යුතු දේ වෙලා තියෙනවා. කලබල වියයුතු නෑ. ඒක පරිපාලන දෙයක් විදිහටයි අපි කල්පණා කළ යුත්තේ. මොකද රට බෙදා නැහැනේ..'