ඊයේ (17) පොහොට්ටුව ලකුණින් පිහිටුවා ගත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ධූරයට
පත්වන්නට ප්‍රථමයෙන් කතාවක්

පැවැත්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට රට ඉදිරියට ගෙන යාම සඳහා තම දැනුම සහ අත්දැකීම් ලබාදෙන බවයි.
උත්සව සභාවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ මහා මැතිවරණයට තරග කරන්නේ සියලු පක්ෂ එකතුව පොදු පෙරමුණකින් බවයි.
තමාගේ පරිපාලන අත්දැකීම් වැනි අත්දැකීම් සහිත අයෙකු නායකත්වයක් ලබාදිය හැකි අයෙකු පොලොන්නරුවට ඉදිරියේ නැති බවත් ඒ නිසා එම හිස්තැන පුරවන්නට අවශ්‍ය වූ නිසා නැවත තරග වදින බවත් දන්වා සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා තම රාජ්‍ය පාලන කාලය තුළ අත්දැකීම් ජනපති ගෝඨාභය රාජපක්ෂට වැදගත් විය හැකි බවත් ඒවා නොමසුරුව ලබාදීමට කටයුතු කරන බවත් දන්වා සිටියේය.