https://www.gossiplankanews.com/2020/02/prasanna-ranaweera-india.html
සුගිය 2018 ඔක්තෝබර් ආණ්ඩු වෙනස්වීම සිදුවූ සමයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ කලබලකාරී තත්වයන් සම්බන්ධයෙන් කැපී පෙනෙන චරිතයක් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරයි. ඔහු කතානායක ආසනයට වතුර හැලීම හා මිරිස් කුඩු සඟවාගෙන
සභා ගර්භයට පැමිණ ප්‍රතිවාදීන්ට මිරිස්කුඩු දියර ඉසීම ගැන ඒ දිනවල කතාබහට ලක්විය.
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔහුගේ ක්‍රියාවන් දැඩිදෝෂදර්ශනයට ලක්විය.

කෙසේ වෙතත් නව ආණ්ඩුවේ ප්‍රසන්න රණවීරට නියෝජ්‍ය ඇමතිකමක් හෝ ලැබුනේ නැත.
විදේශ සංචාර සඳහා පුද්ගලයින් රැගෙනයාම දැඩි සීමාවන් තුළ පිහිටා සිදු කරන බවට ගෝඨාභය රජය පත්වනවිට කියා තිබුණි. නමුත් අගමැති මහින්ද රාජපක්ෂගේ පළමු විදෙස් සංචාරයට එක්කරගත් සීමිත පිරිස අතරට ප්‍රසන්න රණවීර ඇතුළත්ව තිබේ.

ඔහු ඉන්දියාවට ගොස් මෝදි අගමැතිවරයා හා රහුල් ගාන්ධි හමුවීම ගැන දැන් රසකතා සමාජ ජාලා තුළ පළවේ. අගමැතිවරයාගේ ගමන ගැන නොව සමාජ ජාලා කතාකරන්නේ ප්‍රසන්නගේ ගමන ගැනයි.

ඔහු රහුල් ගාන්ධි හමුවූ අවස්ථාව සිය ෆේස් බුක් ගිණුමෙන් හදුන්වා තිබුනේ තමා මහත්මා ගාන්ධිගේ මුණුපුරා හමුවූ බවකි. නමුත් විවේචන එල්ලවූ පසු එහි වරද ඔහු නිවැරදි කර තිබුණි.ප්‍රසන්න රණවීර මුහුණු පොතට යොමු කළ ඡායාරූප කිහිපයක් පහතින්