පසුගියදා උද්ඝෝෂණ ස්ථානය ලෙස නම් කළ කොළඹ ගාලු මුවදොර පසෙක වෙන් කළ ස්ථානය දැන් විවිධ
කණ්ඩායම් වල

ගැටලු රජයට ඉදිරිපත් කිරීමේ ස්ථානයක් ලෙස ප්‍රකටවී ඇත.
ඊයේ (10) කන්ඩායම් 6 ක් පමණ එහි උද්ඝෝෂණ පැවැත්වූ බව වාර්තා වන අතර
රාත්‍රී කාලයේ නිවාස අධිකාරියේ සේවක පිරිසක් නොනිදා පහන් කරමින් සිය ගැටලු එහිදී ඉදිරිපත් කරමින් සිටි ආකාරය ඡායාරූපයේ දැක්වේ.