අද දින යාවත් කාල වූ චීන කොරෝනා වෛරස් ආසාදිතයින් ගැන නවතම සංඛ්‍යාලේඛන අනුව මියගිය
ගණන 1018 ක් වී තිබේ.
ඒ අනුව මුල්වරට චීනය පුරා මහත් ව්‍යාසයනක් ඇතිකරමින් ව්‍යාප්තවන නව කොරොනා වෛරස ආසාදනයෙන් මියගිය පිරිස දහස ඉක්මවාගොස් තිබේ.
ගෙවුණු පැය 24 තුළ, චීනයේ හුබෙයි පළාතෙන් පමණක් පුද්ගල මරණ 103ක් වාර්තා වී තිබුණි.
මෙය, ඉතිහාසයට එක්වන්නේ වෛරස ව්‍යාප්තියේ ආරම්භයත් සමග එක්දිනකදී වාර්තා වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව ලෙසයි.
මේ අතර වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාවද 43 102ක් ලෙසින් ඉහළ ගොස් තිබුණි.
සුවවූවන් 4044 කි.
කෙසේ නමුත් වෛරසයේ ව්‍යාප්තිය 20%කින් පමණ අඩු වී ඇති බව චීන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.