සයිටම් ආයතනය රජයට පවරා ගත් බවට පසුගිය කාලයේදී විශාල ප‍්‍රචාරයක් කර තිබූ නමුත් මේ වන තෙක් රජයට පවරාගෙන නැති බව මාලබේ සයිටම් ආයතනයේ හිටපු සභාපති දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු මහතා
පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.
පසුගිය ආණ්ඩුව තමාගෙන් පළිගත් ආකාරය වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී පැවසීමට තමා බලාපොරොත්තු වන බවද වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා තියා තිබේ.


අගමැතිතුමා හමුවීම සඳහා තමා දිනයක් ඉල්ලා තිබෙන බව කී දොස්තර නෙවිල් ප‍්‍රනාන්දු මහතා 2015 වසරේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කි‍්‍රයා කරද්දී තමා ඔහුට සහය දුන්න බවද  සඳහන් කළේය.

දැන් තමාට කිසිදු ආදායමක් නැති බවත් සයිටම් ආයතනය රජයට පවරා ගත් බවට එම අවධියේදී ඇමති රාජිතද හවුල්වී විශාල ප‍්‍රචාරයක් කර තිබූ බවත් මේවන තෙක් රජයට පවරාගෙන නැති බවත් හෙතෙම සඳහන් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමාගෙන් පලිගෙන තිබෙන බව පෙනී යන බවත්, වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී එදා තත්ත්වය සම්පූර්ණයෙන්ම එතුමාට ඉදිරිපත් කරන බවත් වෛද්‍ය නෙවිල් ප‍්‍රනාන්දු මහතා සඳහන් කළේය.