චීනයේ හුබෙයි පළාත් වූහාන් නුවරින් අරම්භවී ලොව පුරා පැතීරිමට පටන්ගත් නව කොරොනා වයිරසය වාතයෙන් බෝවන බව චීන වෛද්‍ය පරීක්ෂකයෝ ඊයේ (10) තහවුරු කළහ. මෙම තහවුරු කිරිම කළේ චීනයේ ෂැංග්හායි නුවර වෛද්‍ය පර්යේෂකයන්ය. නව කොරෝනා වයිරසය රෝගියකුගෙන් තවත් කෙනෙකුට පැතිර යන බව මෙතෙක් පැවැති විශ්වාසයයි.

ෂැංග්හායි වෛද්‍යවරුන් පෙන්වා දී
ඇති අකාරයට රෝගීන්ගෙන් වාතයට එක්වන කොරෝනා වයිරසය විෂබීජ වාතයේ දීර්ඝ කාලයක් රැදී තිබෙන බවත්, වාතයෙන් බෝ වන බවත්ය. මේ බව තහවුරු කළේ ෂැංගාහි නුවර සිවිල් කටයුතු කාර්යාංශයේ වෛද්‍ය සෙංග් කුන් ය.  ඊයේ (10) වනවිට කොරෝනා වයිරය ආසාදිත මරණ සංඛ්‍යාව 910 ඉක්මවා තිබුණි. වයිරස ආසාදිතයන් ගණන 40,540 කි.

වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවවුණු ගණන 3,383 කි. ගතවුණු පැය 24 කාලය ඇතුළත පමණක් චීනයේ හුබෙයි පළාතෙන් කොරෝනා චයිරස මරණ 94 ක් වාර්තා වී තිබිණි. වයිරසය රටවල් රැසකට පැතිර ගොස් ඇති අතර, චීනයෙන් පිටතදී හමුවුණු රෝගීන් ගණන 64 ක් යැයි ද වාර්තා විය. ඊයේ විදෙස් පුවත් සේවා වාර්තා කළේ හොංකොං දේශයේ එකම පවුලේ 9 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවය.

මැලේසියාවෙන් කොරෝනා වයිරය රෝගීන් 17 දෙනකු හමුවි ඇති බවත්, එයින් හය දෙනකුට වයිරසය වැළඳී ඇත්තේ චීනයෙන් පිට වයිරසය පැතිරෙද්දි බවත් එරට පුවත් මාර්ග වාර්තා කළේය. මේ අතර චීන මහ බැංකුව, ඊයේ (10) කොරෝනා වයිරස එරෙහි සටන් කිරීමට ඇමෙරිකන් ඩොලර් බිලියන 43 ක මුදලක් මුදා හැරීමට තීරණය කළේය. එම මුදල් මුදා හැරීම සිදුවනු ඇතැයි පැවැසෙනේ අදියර කීපයක් යටතේය.