කඩවත ගෝනහේන පාරේ පිහිටුවා තිබෙන සිසිල්බීම කර්මාන්ත ශාලාවකට ඊයේ (17) සවස පාරිභෝගික
කටයුතු අධිකාරිය විසින් සීල් තබා තිබෙයි.
පෙට් පැකේජින් සමාගමට අයත් මයි කෝලා’ සිසිල් බීම නිෂ්පාදන සමාගමෙ කඩවත කර්මාන්ත ශාලාවට මෙලෙස සීල් තබා ඇතැයි වාර්තාවේ.
මයි කෝලා නමැති සිසිල් බීම වර්ග කිහිපයක් ,මයි සෝඩා සහ ක්‍රිස්ටල් පානීය ජල බෝතල් මෙහි නිෂ්පාදනය කරමින් තිබී ඇත.
මෙම කර්මාන්ත ශාලාව ඊයේ පස්වරුවේ සෝදිසි කළ අවස්ථාවේදී එහි තිබී කල් ඉකුත් වූ අමු ද්‍රව්‍ය තොගයක් හමුවූ බව වාර්තා කර තිබේ. අද(18) දිනයේ මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ද අධිකාරිය විසින් ආයතනයට දැනුම් දී ඇතැයි වාර්තාවෙයි.