ජයේ නිලධාරීන්ට බය නැතිව වැඩ කරන්න ආදර්ශ සපයා ජනපති අගමැතිත් ඒ අයගේ පැත්තේ යයි ඇගයුමට ලක්කර සතියක් ගතවන්නට පෙර නීතියට පිටින් වැඩකර ප්‍රායෝගික වන්නැයි උපදෙස් දෙන රාජ්‍ය
ඇමතිවරයෙකු ගැන ඊයේ වඳුරඹින් වාර්තා විය.මෙම සිදුවීම සිදු වී ඇත්තේ බද්දේගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය.
චක්‍ර ලේඛ ප්‍රකාරව වසර 5 ක පදිංචියක්

සහතික කරගන්න බැරිවීම මත පාසල ආසන්නයේ සිසුවෙකු පාසලට නොගෙන සිටි විදුහල්පතිවරයාට එරෙහිව රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන සිල්වා  ගාල්ල වදුරඹ විද්‍යාලයේ විදුහල්පතිවරයාට එම සිසුවා ඇතුළත් කරගන්නා ලෙස උපදෙස් දෙන්නේ චක්‍රලේඛ නොසලකා ප්‍රායෝගිකත්වය මානුෂිකත්වය සලකා එය සිදු කරන ලෙස දන්වමිනි.

නීතිය කැඩුවත් කවුරුවත් ඕවාට නඩු යන්නේ නැහැ යයිද ඔහු පවසන්නේ නිශාන්ත මුතුහෙට්ටිගම මහතාද එය අනුමත කරමින් කතා කරමින් සිටි අවස්ථාවකය.
නමුත් අකුරට වැඩකරන්නට කැමති විදුහල්පතිවරයාට එයට හකගවන්නට බැරිවන අතර ඔහු නැවත නැවත තර්ක කරද්දී ඔහු අභිබවා ඇමතිවරයා සැරෙන් කතා කරනු වීඩියෝ සාක්ෂි සපයයි.

” ඔබතුමා හෙට ළමයා ගන්න ඕනෑ. අපි දන්නවා හැමෝගෙම කෙරුවාවල් මොකද්ද කියන එක , මෙතන ඕවට ලෑස්තිවෙන්න එපා ” යැයිද ඔහු කියයි.
නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා දන්වන්නේ තමන් ළමයි 4ක් 5ක් පමණ මහින්ද විද්‍යාලයට ඇතුළත් කළ බවත් ඔය ළමයා ගත්තා කියලා ඔබතුමන්ගේ රැකියාව නැතිවන්නේ නැති බවත්ය.
 විදුහල්පතිතුමා ප්‍රකාශ කළේ තමා අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් නිතුත්කල චක්‍ර ලේඛන වලට පරිබාහිරව කිසිදු ළමයෙකු පාසලට ඇතුලත් කොට නොමැති අතර චක්‍ර ලේඛන වලට පිටින් තමාට වැඩ කිරීමට නොහැකි බවයි.