දිගන, මැණික්හින්න මාර්ගයේ මල්පාන ප්‍රදේශයේදි අද (08) අළුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින්
සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ

අද අළුයම 1.35ට පමණ මෙම රිය අනතුර සිදුවූ බවයි.
බොලෙරෝ  වර්ගයේ කැබ් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රිට්ගල්  ගොඩකගැටීමෙන් අනතුර සිදුව ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේය.
අනතුරින් වයස අවුරුදු 17ත් 19ත් අතර පසුවන ත්‍රිකුණාමලය, උහන හා මහියංගනය යන ප්‍රදේශවල පදිංචි තරුණයින් සිව්දෙනෙකු මියගොස් ඇති බව වාර්තා විය.