කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට රෝහල් ගත කළ රෝගීන් 14 දෙනා අතර යුරෝපීයයන් දෙදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු ඊයේ (පෙබරවාරි 07) ප්‍රකාශ කළහ.


රෝගීන්ගෙන් ඉවත් කරන ලද රුධිර සාම්පල බොරැල්ල MRI වෙත යොමු කර ඇති බව ඔවුහු පැවසූහ.

කොරෝනා වෛරසය මගින් ඇතිකරන රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ දැන්වීමෙන් පසුව රෝගීන් රෝහල් ගත කරනු ලැබීය. කෙසේ වෙතත්, පසුගිය සති කිහිපය තුළ මෙම රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කළ රෝගීන් කිහිප දෙනෙකු උණ රෝගයෙන් පෙළෙන බව සොයා ගැනීමෙන් පසුව මුදා හැර තිබේ.

යුරෝපීයයන් දෙදෙනා IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, රෝගීන් 14 දෙනාම සෙසු රජයේ රෝහල්වලට ඇතුළත් කර තිබේ. ඔවුන් පිළීබඳව දැඩි ලෙස නිරීක්ෂණය කරමින් සිටින බව නිලධාරීහු පැවසූහ.

මේ අතර, වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ චීන සංචාරකයා අඛණ්ඩව IDH රෝහලේ තබා ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ඇයව හොඳින් නිරීක්ෂණය කරන බවත්ය.

ඇය වෛරසයෙන් සුවය ලැබුවද, ඇය නැවත යථා තත්ත්වයට පත් වූ බව වෛද්‍යවරුන් සහතික වන තුරු ඇය දිගටම රෝහලේ රැඳී සිටියි.

වෛද්‍ය සමරවීර මහතා කියා සිටියේ රට තුළට ඇතුළු වන සෑම ස්ථානයකදීම දැඩි වැළැක්වීමේ පියවරයන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් මෙය ශ්‍රී ලංකාව තුළ රෝගය පැතිරීම වැළැක්වීමට ඉවහල් වූ බවත්ය.

ඊයේ වන තෙක් චීනයේ කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 600 දක්වා ඉහළ ගොස් ඇති අතර චීන පුරවැසියන් 30,000 ක් ආසාදනයෙන් පීඩා විඳිති.