හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙබරවාරි 4 වනදා නිදහස් උත්සවයට නොපැමිණියේ ජනාධිපති, අගමැති ආරක්ෂක අංශ විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව අපහසුතාවයට පත් කළ නිසා
බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් ප්‍රචාරය වී තිබේ.
එම පුවතේ සඳහන් ආකාරයට හිටපු අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ දියණියගේ මංගල උත්සවයට සහභාගි වීම සඳහා පැමිණි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වාහනය ජනාධිපති, අගමැති ආරක්ෂක අංශය විසින් අතරමග නවත්වා පයින් ගමන් කරන ලෙස ජනාධිපති ආරක්ෂක අංශය විසින් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හට පැවසූ බව දැක්වේ.

මේ ගැන හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙන අතර එහි දැක්වෙන්නේ
”ජනාධිපති, අගමැති ආරක්‍ෂක අංශ මාව මගින් බස්සවලා පයින් යැවුවා. නිදහස් උළෙල වර්ජනය කළ හේතුව මෛත්‍රී කියයි” යනුවෙන් ප්‍රචාරයවී ඇති පුවත අසත්‍යයක් බවයි.

ජනාධිපති ආරක්ෂක අංශය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව එලෙස අපහසුතාවයට ලක් කිරීමක් කිසිදු ලෙසකින් එම අවස්ථාවේ සිදු නොකරන ලදැයිද එහි දැක්වේ.
ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ පළපුරුදු නිලධාරීන්ගෙන් විශේෂ පුහුණුවකින් යුතුව නිර්මාණය කර ඇති විශේෂ ඒකකයක් වන බවත් වෘත්තීයවේදිත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බවත් එහි සඳහන්ය. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් පළවන මෙවැනි පුවත් සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද අපකීර්තියට පත් කිරීම,
මාධ්‍ය සදාචාරය අගයන සියලු දෙනා වටිනාකමක් නොදෙනු  ඇතැයි හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අංශය ලෙස අප විශ්වාස කරමු. ලෙසද එහි සටහන් කර ඇත.