ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කළ  තායිලන්තයේ කෝරාත් හි වෙඩි තැබීමකින් පුද්ගලයින් 21 දෙනෙකු ඝාතනය කළ සාජන්ට් වරයා පොලිස් ප්‍රහාරයකින් වෙඩි තබා ඝාතනය කර තිබේ.

මුලින් පුද්ගලයින් 20 ක් මරා දැමූ ඔහු ටර්මිනල් 21 සාප්පු සංකීර්ණය තුළ
සැගවී සිට අලුයම 4 ට පමණ පොලිස් කමාන්ඩෝ කණ්ඩායම සමග ගැටුමක් ඇති කරගත් අතර එතැනදී කමාණ්ඩෝ සෙබළෙකු ඔහුගේ වෙඩි පහරින් ඝාතනය විය.
එම අවස්ථාවේ ප්‍රතිප්‍රහාර වලින් සමූල ඝාතක ජක‍්‍රපාන්ත් තොම්මා මියගියේය.
ඔහුව අල්ලාගැනීම සඳහා පැය ගණනක් තිස්සේ එරට පොලිසිය හා හමුදාව සිදුකළ මෙහෙයුම ඒ සමග අවසන්වී ඇත.
 ටර්මිනල් 21 සාප්පු සංකීර්ණයේ වෙඩිතැබීම් සිදු කළ ජක‍්‍රපාන්ත් තොම්මා නමැති හමුදා සාජන්ට් වරයා නාහෝන් රට්චසිමා හි පිහිටි සිය කඳවුරෙන් සෙනසුරාදා අවි සොරකම් කළ අතර, ඔහු පැය ගණනක් එහි රැඳී සිටි බව පොලිසිය පවසයි. එම ස්ථානයේ සිය අණදෙන නිලධාරියාව ඔහු ඝාතනය කළ බවද පැවසේ.
නූතන ඉතිහාසයේ තායිලන්තයේ දරුණුතම සමූහ වෙඩි තැබීම ලෙස වාර්තාවූ පුද්ගලයින් 21 දෙනෙකු මරා දැමුණ මෙම සිද්ධියෙන් තවත් 42 දෙනෙකු තුවාල ලබා ඇති බව නකොන් රට්චසිමා ආණ්ඩුකාරවරයා පැවසීය. තායිලන්තයේ  දිගු සති අන්තයක සාප්පු සංකීර්ණය සෙනග පිරී තිබූ අවස්ථාවක මෙම ඝාතන සිදුවිය.
මෙම ඝාතන සඳහා වූ චේතනාවන් අපැහැදිලි ය, නමුත් මියගිය අය අතර සොල්දාදුවා සමඟ මුදල් ණය සම්බන්ධයෙන් ආරවුලකට සම්බන්ධ යැයි කියනු ලබන කඳවුරේ ජක්ක්‍රපන්ත්ගේ අණදෙන නිලධාරියා ද ඇතුළත් ය.