නප්‍රිය ටෙලි නාට්‍ය නළු  කාවිංග පෙරේරා තලංගම වේලේ කඩේ හන්දිය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අනතුරකට ලක්කර මරණයට පත් කිරීමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
අද (19) අලුයම් කාලයේ  වේලේ කඩේ හන්දියේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මාර්ග නඩත්තු කටයුතුවල නිරතවෙමින් සිට ඇති අවස්ථාවක
වේගයෙන් ගමන් කළ කවිංග පෙරේරා පැදවූ රථය මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයෙකු යටකරගෙන ධාවනය වී ඇති අතර එම අවස්ථාවේ ඔහු වාහනය නතර කර නැත. තමා අතින් වූ අනතුර මගහැරයාමේ චේතනාවෙන් ඔහු දිගටම වාහනය පදවාගෙන පළාගොස් තිබේ.

අනතුරට පත් සේවකයා බරපතල තුවාල සහිතව වැටී සිටියදී සෙසු සේවකයින් ඔහුව ඔසවා වෙනත් වාහනයකින් රෝහල් ගත කළ පසුව මරණයට පත්ව තිබේ.

පසුව මේ ගැන තලංගම පොලිසියට සිදු කළ පැමිණිල්ල මත අවට සීසීටීවී පරීක්ෂා කර එම අවස්ථාවේ ධාවනය කරමින් සිටි වාහනය හඳුනාගන්නට පොලිසිය සමත්ව තිබෙන අතර අනතුර සිදු කර ඇත්තේ එම වාහනය හිමි ටෙලි නළු කවිංග පෙරේරා බව හඳුනාගෙන තිබේ.

මරණීය රිය අනතුරක් සිදුකිරීම හා පළායාම යන හේතු මත රංගන ශිල්පි කාවිංග පෙරේරා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  සැකකරු අද (19) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.