විශ්‍රාමික යුධ හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතා ඇප ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින්
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොහු තදබල කොන්දේසි යටතේ මෙලෙස ඇප ලබාගෙන ඇත.
මෙම පැමිණිල්ල අද(19) කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.
එහිදී රිමාන්ඩ් භාරයේ පසුවන අජිත් ප්‍රසන්න මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුතු පිළිබඳව මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම විත්තිකරුට සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ඇප කොන්දේසියක් පනවනු ලැබුවේය.

මෙම කොන්දේසිය විත්තිකරු විසින් පිළිපදින්නේ ද යන්න පිළිබඳව නිරීක්ෂණය කරන ලෙස රහස් පොලීසිය අධ්‍යක්ෂවරයාට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම කොන්දේසිය විත්තිකරු විසින් උල්ලංඝනය කර තිබේ නම් ඒ පිළිබඳව අධිකරණයට වාර්තා කළ යුතු බවටද නියෝග කළේය.