ප්‍රකට ටෙලි නාට්‍ය රංගන ශිල්පී කාවිංග පෙරේරා ඊයේ පාන්දර සිදුකරන ලද රිය අනතුර නිසා එක් පුද්ගලයෙකු මියගිය අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ
පාන්දර 12.45 ට පමණය. තලංගම, කලල්ගොඩ වෙලේකඩේ හන්දිය ප්‍රදේශයේදී මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත් සේවකයන් කිහිප දෙනෙකු පාරේ සුදු ඉරි අඳිමින් සිටි
බව පැවසේ. අධික බීමතින් රිය පැදවූ කාවිංග තලවතුගොඩ සිට පන්නිපිටිය දෙසට සිය වාහනය ධාවනය කරමින් සිටි අතර ඔහු පැමිනි අධික වේගය නිසා පාරේ බාධක ලෙස සිටුවා තිබූ කෝන් කිහිපයක්ද  තල්ලු කරගෙන සුදු ඉරි අඳිමින් සිටි සේවකයින් පෙරළාගෙන වාහනය ධාවනය වී තිබේ.

අනතුර නිසා සේවකයෙකු හැපුණ බව කාවිංග දැනගෙන වාහනය සුළු මොහොතකට නැවතූවද ඔහු වහා එම ස්ථානයෙන් පළායාමේ අටියෙන් වාහනය පණගන්වා ධාවනය කළ බව පැවසේ. මේ අවස්ථාවේ අවට සිටි පිරිස් හා මාර්ග
සංවර්ධන අධිකාරියේ සේවකයන් ඔහු අල්ලා ගෙන පොලිසියට භාරදී ඇත.

පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර හා ශ්වසන නළ
මඟින් කළ පරික්ෂාවේදී මත්පැන් පානය කර සිටින බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් රංගන ශිල්පි කාවිංග පෙරේරා ඊයේ කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 03 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.
මියගිය සේවකයා මීගහතැන්න, වෙලපහළ පදිංචි වසන්ත උදය කුමාර 42 නමැති අයයි.
කාවිංග උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඇප අයදුම් කළද අගතියට පත් පාර්ශ්වය ඇප ලබාදෙනවාට විරුද්ධ විය.
අධික වේගය හා අධික බීමත්කම නිසා සිදුවූ අනතුරක් බැවින් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙස ඉල්ලා තිබේ.
එසේම මියගිය අයගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් කාවිංගට ගෙවන ලෙස අගතියට පත් පාර්ශ්වය කළ ඉල්ලීමට කාවිංග එකඟවී ඇති අතර ඔහු ඊයේ එම මුදල් ගෙවා ඇත.