මෙත්ඇම්පිටමයින් නොහොත් අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 502ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

කොළඹ මධ්‍යම
තැපැල් හුවමාරුව වෙත මෙක්සිකෝවෙන් එවන ලද පාර්සලයක් සම්බන්ධයෙන් කළ විමර්ශන අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

මෙම මත්ද්‍රව්‍ය පාර්සලය රැගෙන යෑමට පැමිණි පුද්ගලයා ඊයේ (11දා) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අවුරුදු 29ක් වන පැලැන්වත්ත, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (12දා) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.