ශ්‍රී ලංකා ගුවන්විදුලි සිංස්ථාවේ සභාපති ධුරය සඳහා හිටපු අමාත්‍ය ලේකම්වරයකු වන ඩබ්ලිව්.ඩී. ගනේගල
සහ ප්‍රවීණ ගායන ශිල්පී
ජගත් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ නම් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකර ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශ  ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ඒ අනුව ඉදිරි සතියේදී ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු ගුවන් විදුලි සංස්ථාවේ  සභාපතිවරයා ලෙස පකෙරෙනු ඇතැයි ද වාර්තා වේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ  රෝහණ දේව පෙරේරා මහතා ඉකුත් 3 වැනිදා තනතුරින් ඉවත් කරනු ලැබීය.  ඒ හේතුවෙන් මේ වනවිට ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරය පුරප්පාඩු වී තිබේ.

-නාලක සංජීව දහනායක-