ඇඳුම් මසන්නකු සහ තරුණයකු අතර මැසීමට දුන් ඇඳුමක් සම්බන්ධයෙන් බෙරලපනාතර ප්‍රදේශයේ දී ඊයේ (10) උදෑසන 8.45ට පමණ එම සාප්පුවේ දී ඇති වූ කතාබහක් දුරදිගගොස් ඇඳුම් මසන්නා තරුණයාට එල්ල
කරන ලදයි කියන කතුරු පහරින්
තරුණයා බරපතළ තුවාල ලබා හීගොඩ රජයේ රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බව ඌරුබොක්ක පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ (21) හැවිරිදි විලබඩ හන්දිය, කිරිවැල්දොළ, දෙනියාය අශ්මගොඩ පතිරණගේ කසුන් ධනංජය නමැති තරුණයකු බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන්, බෙරලපනාතර ප්‍රදේශයේ පදිංචි සැකකාර ඇඳුම් මසන්නා ඌරුබොක්ක පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හීගොඩ රජයේ රෝහල දී පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගිහාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

-එස්.ඩි.කොඩිකාර-