ටුනායක ගුවන් තොටුපොළට ආසන්නයේම පිහිටි හෝටලයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස සේවය කරමින් සිටි අනුරාධපුරයේ තරුණියක කොරෝනා වයිරසය වැලඳුන බවට සැකකර අනුරාධපුර රෝහලේදී විශාල පීඩාවකට ලක්වූ සිදුවීමක් වාර්තා විය.
ඇයට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී බෙහෙත් ගැනීමට
රෝහලට ගිය අවස්ථාවක සේවය කරන තැන කටුනායක යයි අසා දැනගත් වෛද්‍යවරයා ඇය ගුවන් තොටුපළේ ගුවන් සේවිකාවක යයි වැරදියට තේරුම් ගෙන ඇයට කොරෝනා වැළඳී ඇතැයි සැකකර රෝහලේ සේවක පිරිස්ද බියගන්වා විශාල කලබගැනීයක් සිදු කර තිබේ. ඇයව මීනී කාමරයකට දමා වසා සිරකර ඇති අතර පසුව ගිලන් රථයකින් අනුරාධපුර සිට අයිඩීඑච් රෝහල වෙත යොමු කර තිබේ. අයිඩීඑච් රෝහලේ වෛද්‍යවරුන් ඇයට කිසි රෝගයක් නැති බව තහවුරු කර ඇති අතර ඇයට සිදු කර ඇති දේ ගැන සිනහ පළ කර තිබේ.
අවුරුදු විසිදෙකක් වන අනුරාධපුර, කළුවිල ප්‍රදේශයේ  තරුණිය මේ ගැන මෙසේ කියන්නීය.


"මම වැඩ කරමින් හිටියේ කටුනායක ගුවන්තොටුපොළට ආසන්න හෝටලයක. පසුගිය 06 වැනිදා මම නිවාඩු
අරන් අනුරාධපුර ගෙදරට ගියා. අම්මයි මායි විතරයි පවුලේ ඉන්නේ. අම්මා සිවිල් ආරක්ෂක අංශයේ වැඩ
කරන්නෙ. මම එදා ගෙදර ආවට පස්සේ ඇඟපත අමාරුවක් දැනුණා.
ඊට කලින් දවසක මගේ නහයට දූවිලි
ගියා. ඒ හින්දා සෙම ගතිය ටිකක් වැඩි වුණා. මම ඒ ගැන අම්මට කිව්වහම අම්මා තමයි බේත් ගන්න යමු
කියලා කිව්වේ. අම්මගෙ වදෙන් බේරෙන්න බැරි තැන 08 වැනිදා අනුරාධපුර රෝහලට ගියා. කොහෙද
වැඩ කරන්නෙ කියලා ‍ෙදාස්තර ඇහුවම මම කිව්වා කටුනායක කියලා. ඊට එහා මට මුකුත් කියන්න දුන්නෙ
නෑ. ‍ෙදාස්තරලා, නර්ස්ලා, ඇටෙන්ඩන්ලා ඔක්කොම මගේ දිහා අමුතු  සතෙක් දැක්ක වගේ බලලා
කලබල වුණා. අම්මයි, මමයි ළඟට කාටවත් එන්න නොදී අපි දෙන්නව කලින් ඕ.පී.ඩී. එක තිබුණු තැන
කාමරයකට දාලා ‍ෙදාර වැහුවා. ඔයාලා එළියට එන්න එපා. කොරෝනා වයිරසයද කියලා අපිට
සැකයි. එහෙම කියලා අපිව කාමරයේ හිර කළා. ඒක මිනී තියෙන කාමරයක්. මිනීවල අතපය ගැටගහන
ලණුත් තිබුණා.
උදේ 8.45 ඉඳන් දවල් 12.30 විතර වෙනකන් කන්න බොන්නත් නැතුව ඒ කාමරයේ අපි දෙන්න හිරකරලා
තිබ්බා. බඩගින්නෙ ඉන්න බැරි තැන අම්මගෙන් සල්ලි ඉල්ලගෙන නර්ස් කෙනෙක් බනිස් ජෝඩුවකුයි, කිරි පැකට් එකකුයි
ගෙනත් දුන්නා.
බනිස් ගෙඩිය දෙකට කඩලා අපි දෙන්න කෑවා. ඊට පස්සේ අපිට "කොරෝනා" හැදිලද කියලා සැකයි
කියලා අපිව කොළඹ ගෙනියන්න ලෑස්ති කළා.
මට කිසිම අමාරුවක් නෑ. මම අම්මටත් බැන්න මේ මොන විකාරයක්ද කරගත්තෙ කියලා.
හවස 4.35ට විතර ඇම්බියුලන්ස් එකක දාලා අපිව අයි.ඩී.එච්. උණ රෝහලට ගෙනාවා. අපිට විශේෂිත
කොළ ඇඳුමක් ඇන්දුවා.
ගිලන් රථයේ හිටිය සේවකයන් දෙන්නා ගිලන් රථයේ ඉස්සරහට ගොඩ වුණා. අන්තිමට අයි.ඩී.එච්.
රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය දෙවියො වගේ අපිට සැලකුවා, කන්න දුන්නා. ඇපල් පවා
දුන්නා. මගේ ලේ අරන් පරික්ෂා කරලා ඒ අය කිව්වේ ඔයාට කිසිම ලෙඩක් නෑනේ දුවේ කියලා.
මමත් ඒ අයට කිව්වා මට ලෙඩක් නෑ තමයි කියලා. අනුරාධපුර රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය තමයි
මේ පිස්සු වැඩේ කළේ කියලා මම කිව්වා. ඒ ‍දොස්තරටත් හිනා.

අන්තිමට බලද්දී අනුරාධපුර මහ රෝහලේ අය ස්පීකර්වලින් පවා ප්‍රචාරය කරලා කොරෝනා ලෙඩෙක් හමුවුණා.
ප්‍රවේශම් වන්න කියලා. සමාජ වෙබ් අඩවි, ෆේස් බුක් හරහාත් මේක ප්‍රචාරය කරලා. අපේ ගමේ
අයට ආරංචි වෙලා තියෙන්නෙ කොරෝනා හැදිලා මං මැරුණයි කියලා.
බලන්න අපේ මිනිස්සු මොන තරම් නපුරුද? කුරිරුද? කුහකද? ගමේ සමහරු අපේ ගේ පළාතටවත් එන්නැතිව
මේ බොරුව හැමතැනම පතුරලා.
වගකිවයුතු මාධ්‍යවලත් මේ බොරුව රස කර කර පතුරවලා. මට මතක් වුණේ කෝපි කඩේ අබිලින්. මේ රටේ
ඇතැම් මාධ්‍යයත් අබිලින්ගේ වැඩේ තමයි කරන්නෙ.
මම පැය විසිහතරක් තුළ ආපසු ගෙදර එනකොට මට මේ රට ගැනම පුදුම හිතුණා. අපිට කොරෝනා හැදිලා
මැරෙනකන් මේ මිනිස්සු බලාගෙන ඉන්නවද කියලා මට හිතුණා.
ඒ හින්දා මම මෙ සියලුදෙනාගෙන්ම එකම එක ආයාචනයක් කරනවා. වගකීමෙන් වැඩ කරන්න. මාධ්‍ය
හසුරවන්න. මේ වැඩවලින් අහිංසක අසරණ මිනිස්සු විඳවන මානසික වේදනාව ගැන මට හොඳට දැනුණා.
එච්චරයි."

සටහන - ශිරාන් රණසිංහ