නිවසේ අයිතිය ලබා ගැනීම සඳහා හැත්තෑ දෙහැවිරිදි තම මවට පොල්ලකින් පහර දී තුවාල සිදුකොට ගෑස් කාන්දුකර පුළුස්සා දැමීමට තැත් කළ බව කියන පුතකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. මෙසේ
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට ගිනිකුරුන්ද කන්දේ තිස් දෙහැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

සැකකරු මෙම කාන්තාව කුඩා කල සිට හදාාවඩාගෙන ඇති අතර පසුව පානදුර ප්‍රදේශයෙන් විවාහවී සිටින බව ද සැකකරු  විශාල වශයෙන් ණයවී ඇති අතර එම ණය මුදල් ගෙවීම සඳහා  මවගෙන් මුදල් ඉල්ලා ඇති බවත් මුදල් නැති බව පැවසීම නිසා ගෙය සහ ඉඩම ලියාදෙන ලෙස ඉල්ලා ඇති බවත් මව එයට අකමැති වීම මෙම සිද්ධියට හේතු වී ඇති බවත් පොලිසිය කළ මූලික පරික්ෂණවලින් හෙළි වී ඇත.

මවට පොල්ලකින් පහර දී දත් කඩා පහරදී ගිනිගෙන ඇති බව ඇගවීම සඳහා ගෑස් කාන්දුකර ගිනි තබා මැරීමට  උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ  ඇයගේ කෑගැසීමට අසල්වාසීන් පැමිණ ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධියට සම්බන්ධ යැයි අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


-ඩි.ජී.සුගතපාල-