https://www.gossiplankanews.com/2020/01/wuhan-china-sri-lanka-phd-student.html
මේ වනවිට චීනයේ වුහාන්හි සිරවී සිටින ශ්‍රී ලාංකික සිදුන් 31 දෙනාගෙන් කෙනෙකු වන රජරට විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර දැනට අචාර්ය උපාධිය හැදැරිම සදහා චීනයේ වුහාන් ප්‍රදේශයේ රැදි සිටන ප්‍රගිත් රොෂාන් විරතුංග මහතා වි.චැට් තාක්ෂණය ඔස්සේ
මාධ්‍යයට අදහස් දක්වා චෝදනාවක් එල්ල කර තිබේ.
ලංකාවේ හැටන් නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන ඔහු කියා සිටියේ දැඩි අවදානම්
කලාපයේ සිටින  ශ්‍රි ලාංකික සිසුන් ඉවත් කර ගැනිමට ශ්‍රි ලංකා තනාපති කාර්යාලයෙන් මේ වන විට
කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

චීනයේ වුහාන් ප්‍රදේශයේ කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති දැඩි අවදානම් කලාපයක් ලෙස
හදුනාගෙන ඇති බවත්, එම කලාපය තුල විශ්ව විද්‍යාල කිහිපයකම ශ්‍රි ලාංකිය සිසු සිසුවියන් විශාල
පිරිසක් අධ්‍යාපන කටයුතු වල නියැලි සිටින බව ඔහු දන්වා සිටි අතර පවත්නා තත්ත්වය මත එරට විශ්ව විද්‍යාල බලධාරින් නේවාසිකාගාරවලින් බැහැරව නොයන ලෙස උපදෙස්
ලබා දි ඇති බවත්, තමන් චිනයේ පිහිටි ශ්‍රිලංකා තනාපති කාර්යයාල සමග නිතර සම්බන්ධතා
පැවැත්වුවද ශ්‍රි ලංකා තනාපති කාර්යයාලයේ බලධාරින් වුහාන් ප්‍රදේශයේ රැදි සිටින ශ්‍රි ලාංකික
සිසුන් මෙතෙක් ඉවත් කර ගැනිමට කිසිදු උනන්දුවක් දක්වා නොමැති බව ඔහු කියා සිටියි.
එම අවදානම් කලාපය තුළ සිටින ශ්‍රි ලංකා සිසුන්ට කොරෝනා වෛරසය වැලදි නොමැති බවට තහවුරු වි

ඇති බවත්, තමන් සමඟ සිටින අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 31 දෙනෙකු රැදි සිටින බවත්, විවිධ
දුෂ්කරතා සහ අවම පහසුකම් යටතේ නේවාසිකාගාර වලට වි සිටින බවත් ඔහු කියා සිටියි.
තමන් ඇතුළු චිනයේ වුහාන් අවදානම් කලාපයේ සිටින ශ්‍රි ලාංකික සිසු සිසුවියන් මෙරටට ගෙන්විමට කටයුතු
කරන ලෙස ඔහු මෙරට බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.
ඔහු වී චැට් ඔස්සේ මේ ගැන කියූ හැටි ඕඩියෝව පහතින්