https://www.gossiplankanews.com/2020/01/uddika-arjun-anusha-to-election.html
 රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න, අර්ජුන් කමලනාත් හා අනුෂා දමයන්ති ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් තරග වැදීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
උද්ධික ප්‍රේමරත්න ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කය
නියෝජනය කරමින් ඉදිරිපත් වීමට නියමිතය.
 ගාල්ල දිස්ත්‍රික්කය සඳහා තරග වදින බව සිනමා නළු අර්ජුන කමලනාත් ඊයේ අම්බලන්ගොඩ පැවති රැස්වීමකදී දන්වා තිබේ.

රංගන ශිල්පිනී අනුෂා දමයන්තිද පොදු ජන පෙරමුණ වෙනුවෙන් තරග වදින බව දන්වා ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කය සඳහා තරග වැදීමට ඇය අදහස් කරන බවත් ගීතා නියෝජනය කළ බෙන්තර ඇල්පිටිය ආසනය නියෝජනය කරනු ඇති බවටත් වාර්තා පළවී තිබේ.

පසු ගිය ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා වූ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්නැයි ප්‍රසිද්ධියේ පවසන්නට මේ තිදෙනාම ඉදිරිපත් වී තිබුණි.
 අනුෂා දමයන්ති පොහොට්ටු වේදිකාවේ කතා පැවැත්වීමද සිදු කළාය.
“ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මැතිතුමාගේ ආරාධනයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන් මා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වනවා” යයි ඊයේ පැවති රැස්වීමේදී අර්ජුන් කමලනාත් ප්‍රකාශ කර තිබුණි.