නිසි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනපති මෛත්‍රීපාල
සිරිසේන මහතා
හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් නීතිපති පෙනී නොසිටින බව නීතිපති ඊයේ (20දා) සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දී තිබෙනවා.

ඒ සඳහා විරෝධතා ඇත්නම් ලබන මාර්තු මස 10දාට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලෙස හිටපු ජනපතිවරයාටත්, අගමැතිවරයාටත් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත.

මෙම පෙත්සම් ලබන මාර්තු මස 12දා, 13 දා හා 14 දා විභාග කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.