https://www.gossiplankanews.com/2020/01/sudarman-radaliyagoda-step-down.html
ව රජය යටතේ ස්වාධීන රූපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ලෙස මෑතකදී පත් කළ
සුදර්මන් රදලියගොඩ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඔහු නැවත පත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල ඇතිවූ විවේචන සලකා බැලීමෙන් පසු ජනපති නියමයෙන් එම තනතුරෙන් ඔහු ඉවත් කළ බවට
ආරංචි තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය උපදෙස් පරිදි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යොමුකරන ලද ලිඛිත දැනුම්දීමක් මත ඉන් ඉවත් කිරීම සිදු කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි ඔබ ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී

(ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ) වශයෙන් පත්කර ඇති සුධර්මන් රදලියගොඩ වහාම එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කර, ඉවත් කල බව තමා වෙත සහ ජනාධිපති ලේකම් වෙත කඩිනමින් දැන්වීමට කටයුතු කරන ලෙස අමාත්‍යංශ ලේකම්, ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා විසින් ඊයේ (31) පෙරවරුවේ දී ITN සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබිණ.

පසුගිය දෙසැම්බර් 27 වනදා ස්වාධීන රූපවාහිනී සේවයේ (ITN) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයෙකු වශයෙන්, ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානී ලෙස වැඩභාර ගනුලැබූ සුධර්මන් රඳලියගොඩ

අබලි යකඩ සම්බන්ධ ගනුදෙනුවක් පිළිබඳව පසුගිය මහින්ද රාජපක්ෂ ජනපති සමයේ විශාල කථාබහට ලක්වූ අතර ඔහුව ඒ කාලයේ ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට නොගෙන සිටීම හා ඔහු ප්‍රසිද්ධියේ එකල නියෝජ්‍ය පොලිස්පතිවරුන් සමග සාමීචියේ යෙදීම කථාබහට ලක්විය.
ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් අංශයේ ප්‍රධානියා වශයෙන් 'මඩ දේශපාලනයේ' නිරතවූවෙකු ලෙස ඔහු ප්‍රකට වූ අතර
 2015 ජනපතිවරණ සමයේ ජනපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන චමිලා නමැති තැනැත්තියක සමග ආදර අනියම් සම්බන්ධයක් නිසා පවුලක් අනාථවූ බව දක්වමින් චමිලාගේ සැමියා හා දරුවන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා ඒවා රූපවාහිනී තිරයේ ප්‍රබන්ධාකාරයෙන් ගෙන ඒමටද මූලික විය.