https://www.gossiplankanews.com/2020/01/pope-francis-apologises-after-slapping-womans-hand.html#more
නවාරි 1 වනදා පාන්දර නව වසරේ උදාව සමග වතිකානයේ ජනතාව වෙත සුබාශිංසන පිරිනමන්නට ගිය අතිඋතුම් පාප් වහන්සේ හදිසි කෝපයකට පත්ව කාන්තාවකගේ අතට දමා ගැසීමේ සිද්ධියක් නිසා
ඊයේ සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහකට ලක්විය.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සෙනග අතරට ගොස් එක්තරා ස්ථානයකින් පිටව යන්න හදද්දී එතුමන්ගේ අතින් ඇදගෙන අත අතාරින්නෙ නැතිව යමක් හඩනගා පැවසූ මෙම කාන්තාව කෙරෙහි කෝපවූ පාප් වහන්සේ ඇය අතඅරින්නට පෙර තම අත ඇදගත්තේ

අනෙක් අතින් ඇයගේ අතට පහරක්ද ගසමිනි. පාප් වහන්සේගේ මුහුණේ ඉරියව් තුළ කෝපය තිබුණි.
මෙම සිදුවීමට ලක්වූ කාන්තාව ගැන විස්තර නැත.
මෙම අවස්ථාවේ වීඩියෝ ජාත්‍යන්තර මාධ්‍ය තුළ වේගයෙන් පැතිර යද්දී ඒ වෙත ඇතැමුන්ගේ අප්‍රසාදය එල්ල විය.

මෙම සිදුවීමට පෙර අවස්ථාවේ පාප් වහන්සේ පැවැත්වූ නව වසරේ සුබාසිංශන කතාවේදී කාන්තා හිංසනයට එරෙහිව කතා කර තිබීම විශේෂ වූ අතර එසේ කියූ ඔහුම ටික වේලාවකින් ක්‍රියාව තුළින් සංයමය නැති කර ගෙන තිබීම ගැන ඇතැමෙකුගේ විවේචනයට ලක් විය.
 “What the pope did demonstrates one thing – he’s a man.” ඔහු පිරිමි මිනිසෙකු බව ප්‍රකට කළැයි ටිව්ටර් තුළ පළවූ කොමෙන්ටුවක දැක්වුණා.
කෙසේ වෙතත් සිදුවීමෙන් තමා කණගාටුවන බවත් සමාව භජනය කරන බවත් පසුව පාප් වහන්සේ දන්වා තිබුණි.“I apologise for the bad example yesterday … sometimes even I lose patience,”  මට මගේ ඉවසීම ටිකකට නැතිවුණා. වැරදි ක්‍රියාව සම්බන්ධයෙන් සමාව ඉල්ලමි පාප් වහන්සේ දන්වා තිබුණි.
පාප් වහන්සේ මේ ආකාරයෙන්ම කාන්තාවකට පහරදුන් අවස්ථාවක් ගැන 2019 වසරේ මුල් භාගයේදීද අන්තර්ජාලය තුළ වීඩියෝවක් පැතිරී තිබුණි.
ජනවාරි 1 වනදා සිදුවීමට අදාල වීඩියෝව පහතින්