එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පුඩු වූ මන්ත්‍රීධූරය සඳහා වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයකු වන සමන් රත්නප්‍රිය මහතා නම් කර
තිබේ.
 මේ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්

මහතා පවසා ඇත.
සමන් රත්නප්‍රිය මහතා රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.

ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රීධූරයෙන් අස්වීමේ ලිපිය කතානායකරයා විසින් භාරගෙන ඇති බව කතානායක කාර්යාලය සඳහන් කළ අතර සමන් රත්නප්‍රිය මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යැවීමට පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරයා දන්වා ඇත. ඉන් පසු ඔහුට නව පදවියේ වැඩ ඇරඹිය හැකිය.