සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව් වන දිනය වන අද
දිනයේදී කඩුලු 09ක් දැවී ලකුණු 515ක් ලබා සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉනිම අත්හිටුවා තිබේ.


මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් සිය මංගල ද්විත්ව ශතකය වාර්තා වාර්තා කළ අතර 2015 වසරට පසු ශ්‍රී ලාංකීය ක්‍රීඩකයකු වාර්තා කල ප්‍රථම ද්විත්ව ශතකය බවට මෙය පත්ව තිබේ.
මීට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස්, ධනංජය සිල්වා, නිරෝෂන් දික්වැල්ල අර්ධ ශතක වාර්තා කරනු ලැබ තිබේ.