රජය ලබාගත් තිරණ අනුව නොයමින් තවදුරටත් රුපියල් දෙකෝටියකට වැඩි මාසික කුලියක් ගෙවමින් සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යන කෘෂිකර්ම අමාත්‍යාංශය මේ මස අගදී බත්තරමුල්ලේ ගොවිජන මන්දිරයට ගෙන යෑමට අවසානයේදී තීරණය කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් බඩු බාහිරාදියෙන් කොටසක් දැනටමත් ගොවිජන මන්දිරයට රැගෙන ගොස් තිබෙන බවත් තවත් කොටසක් හෙට (18) එහි රැගෙන යැමට නියමිතව ඇතැයි අමාත්‍යාංශ නිලධාරියෙක්  ඊයේ පැවැසීය.

කෘෂිකර්ම අමාත්‍යශය මුලින් පවත්වාගෙන ගොස් තිබුණේ ද

ගොවිජන මන්දිරයේය. පසුගිය රජයේ දුමින්ද දිසානායක ඇමති ගත් තීරණයක් අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය 2016 වර්ෂයේදී රාජගිරියේ එම පෞද්ගලික ගොඩනැගිල්ලට ගෙන ගොස් තිබිණි. කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත්ව යැමෙන් පසුව ගොවිජන මන්දිරයේ මෑතක් වනතුරුම පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හා තවත් කාර්යාල කිහිපයක් පවත්වාගෙන ගොස් තිබූ අතර, පසුගියදා ඒ කාර්යාල ඉවත් කර නැවත පාර්ලිමේන්තු ගොඩනැගිලටම රැගෙන යනු ලැබීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීම පිළිබඳව අමාථයංශය ඇතුළේ නිලධාරීන් අදිමදි කිරීම නිසා තවදුරටත් එහි රැඳී සිටීමට සැලසුමක් තිබූ අතර රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මේ ගැන සිය අප්‍රසාදය පුසිද්ධියේ පළ කර තීරණය වෙනස් නොකරන්නේ නම් ඇමති පදවියෙන් ඉවත්වන බවට තර්ජනය කළේය.
මේ අනුව තීරණය වෙනස්වී ඇති අතර තවත් මාසයකින් පසු රජයේ රුපියල් දෙකෝටියකට වැඩි මාසික කුලිය ඉතිරිවේ.