කෘෂිකර්ම අමාත්‍යංශය රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් රාජගිරියේ පිහිටි ඩී.පී.ජේ
ගොඩනැගිල්ලෙන් ගොවිජන
මන්දිරය වෙත ගෙනයාමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පසුගියදා මාධ්‍ය වාර්තා කළද මේ වනවිටත් එම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලේම පවත්වාගෙන යන බව වාර්තා වේ.

ඉකුත් ආණ්ඩුව සමයේ කෘෂිකර්ම අමාත්‍යංශය මසකට රුපියල් ලක්ෂ 200කට අධික මාසික කුලී පදනම මත රාජගිරියේ පිහිටි ඩී.පී.ජේ ගොඩනැගිල්ලට ගෙන ඒමට කටයුතු කළ අතර ඒ සඳහා
 කැබිනට් අනුමැතිය ලබාගෙන දුමින්ද දිසානායක ඇමතිවරයා පියවර ගෙන තිබීම විවේචනයට ලක්විය.
නව රජය යටතේ එම වියදම ඉතිරි කර තීරණය වෙනස් කර ඇති බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවද තවම ඒවැන්නක් සිදුව නැත.