"ගැළපෙන අය ගැළපෙන තැනට යවන්නේ නැති එකේ ප්‍රතිඵලය දැන් පේනවානේ. ඒ නිසා නොගැලපෙන අය පාර්ලිමේන්තු එවන්න ඒපා. පාර්ලිමේන්තුවට
එවප්න ඕන සුදුස්සෝ . සුදුසුකම අත-පය තියෙන්න ඕන එක නෙමෙයි, උස මහත, බඩ-කඳ තියෙන එක නෙවෙයි. දේශපාලනය කරන්න පුළුවන්කම තියන්න ඕන යැයි" තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අනුරාධපුර නච්චාදූව ප්‍රදේශයේ පැවති ජනහමුවකදී හෙතෙම මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"තව මාස 03 කින් පාර්ලිමේෂ්ක මැතිවරණයත් තියනවා. ඔබ තුමන්ලා පහුගිය කාලයේ, පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන කිව්වා නේද? ඒ බෝම්බ අපිට ගහන්න කිව්වේ පාර්ලිමේන්තුව
කැත නිසා නෙමෙයි. ඒකේ ඉන්න අය හොද නැති නිසා නේද? රන්ජන් රාමනායක කරන වැඩවලින් ඒක ඉතාමත් හොදට පේනවනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉවරයි, විනිසුරුවරු ටිකත් ඉවරයි.පොලීසියත් ඉවරයි, නළු නිළියොත් ඉවරයි. අවසානයේ මුළු රටම ඉවරයි .සහරාන් නම් 400-500 ක් මැරුවා කියලා කියන්න පුළුවන්.දැන් මේ යෝදචයා මුළු රටක්ම, සමාජයක් විනාශ කළා.ජනතාවගේ විශ්වාසය නැති කළා. රඟපාන්න ඕන එකා පාර්ලිමේන්තු ආව එකනේ වරද තියෙන්නේ. ඒ මනුස්සයා රඟපාගෙන හිටියා නම් තවත් ජෝක් ෆිල්ම් දෙක තුනක් හදයි. අපිත් ගිහින් බලලා හිත ටිකක් පිරිසිදු කර ගෙන එනවා. මිනිහගෙන් රටට වැඩකුත් වෙනවා. එතකොට අපිට වැඩකුත් වෙනවා, නොගැළපෙන මිනිස්සු පාර්ලිමේන්තු ආවම මේ වගේ අලකලංචි වෙනවා. පාර්ලිමේන්තුවට සැබෑ දේශපාලඥයෝ එවන්න.

දේශපාලනය ගැන දන්න, ජනතාවත්  එක්ක ජීවත් වෙන, වැඩක් කරන මිනිස්සු ටිකක් එවන්න ඕන පාර්ලිමිත්තුවට.

දැන් අපි පාර්ලිමේන්තුව අලුත් අය එවන්න ඕන කියලා කතා කරනවා. හැබැයි අපි නළුවා පාර්ලිමේන්තු එවලා වෙලා තිලයන දේ පේනවාන්, ක්‍රීඩා කරන අය ක්‍රීඩා කරන්න ඕන. සින්දු කියන අය සින්දු කියන්න ඕන. රඟපාන අය රඟපාන්න ඕන.
දොස්තරලා වෙදකම් කරන්න ඕන. ඉංජිනේරුවා ඉංජිනේරු වෑඩේ කරන්න ඕන. එහෙම වුණොත් නේද මේ රට හැදෙන්නේ. දැන් මේ රස්සාවල් ටික පටලවා ගත්තම මොකද වෙන්නේ. මේක වරදා ගත්තේ අපේ අයම තමා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගියා සින්දු කියන්න,මේක නොතේරුණ සින්දු කියන ඒකා හිතුවා මටත් පාර්ලිමේන්තු යන්න පුළුවන් කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී ගියා රඟපාන්න. රඟපාන එකා හිතුවා මටත් පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා ගැළපෙන අය ගැළපෙන තැනට යවන් නැති එක් ප්‍රතිඵලය දැන් පේනවානේ. අර කියන හඩ පට අහනකොට රෙද්දක් ඇඳගෙන ඉන්න බෑ. පවුල් ටික ඉවරයි. ඒ මිනිස්සුන්ගේ උගත්කම, වැදගත්කම ඉවරයි. සමහර විට මේ මනුස්සයා එක්ක කතා කරන්නේ බොහෝම හිතවත්කමට. ඒ හිතවත්කමට කතා කරපු එක ඇඳ උඩින් තමා දැන් ඉවර වෙන්නේ . ඒ නිසා නොගැළපෙන අය පාර්ලිමේන්තු එවන්න එපා. පාර්ලිමේන්තුවට එවන්න ඕන සුදුස්සෝ. සුදුසුකම අත-පය තියෙන එක නෙවෙයි.උස -මහත, බඩ-කඳ තියෙන එක නෙමෙයි. දේශපාලනය කරන්න පුළුවන්කම තියෙන්න ඕන.දේශපාලනඥයෝ වෙන ඕන, ඒනිසා එහෙම පිරිසක් ඉදිරියේ පාර්ලිමේන්තුවට එවන්න” යැයිද පවසා සිටී .

තිසර සමල් එප්පාවල