https://www.gossiplankanews.com/2020/01/ranjan-speaks-parliament.html
ද දින පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක පැවැත්වූ කතාවේ සාරාංශ විස්තරය පහතින්

මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ කරමින් 4 වැනිදා පොලිසිය මගේ නිවසට පැමිණ මගේ ලැප්ටොප් පරිගණක දුරකථන දත්ත ආදී සියල්ල රැගෙන ගියා. පෙම්වතියන් සිටින්නේ මට පමණක් නොවේ.
මේ හඩ පට හෙළිවීම නිසා අපහසුතාවට
පත්වූ අයගෙන් මා සමාව ඉල්ලනවා. විශේෂයෙන් හිරුණිකා මහත්මියගෙන්. මා ඒවා ආරක්ෂාවට තබා සිටියා.නමුත් ඒවා මා එළි කරපුවා නොවේ. ලංකාවේ ප්‍රසිද්ධ කුඩු කාරයෙක්ගෙ නාලිකාවක්.මේ සටන අප දිගටම කළ යුතුයි.
ඒ නිසා මා මගේ සියලුම සංවාද මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සභාගත කරනවා.
මං කෝප් කමිටුවෙ සාමාජිකයෙක් දූෂණ වංචා ආංශිකයේ සාමාජිකයෙක්. කෝප් වැටලීම් වලට මං සක්‍රීයව දායක වුණා. ඒ වෙලාවෙත් මා මගේ පටිගත කරන උපකරණ රැගෙන ගියා. ලංකාවේ මිනිසුන්ට ඔප්පු කළ හැකි දේවල් නැතිව කිසිවක් පෙන්නුවාට විශ්වාස කරන් නෑ.

මිනිස්සු ඉල්ලන්නෙ සාක්ෂි. මං ඒවා රැස් කළා.
මං කියල තියෙන්නෙ හොරුන්ට දඩුවම් දෙන්න කියල මිසක් වෙනකක් නෙමේ. මේවා ගැන මෙතන ඉන්න දූෂිතයින්ගෙන් මට චරිත සහතික අවශ්‍ය නෑ.

මට හඩ පට මෙන්ම වීඩියෝ පටත් තිබෙනවා. පහුගිය දවස්වල සාක්ෂි කාරයින් මිලදී ගැනීමත් සිදු කරලා. මේ ගැන හිරුණිකා මට කිව්වා. ලක්ෂ 70 ක් දීලා දුමින්දගේ නඩුවට සාක්ෂි වෙනස් කරා. දැන් ක්‍රමයක් තියනවා දුර්වල නඩු දාලා එෆ්සීඅයිඩී නඩු ඉවත් කරගන්නා ක්‍රමයක් තියෙනවා. හොරු අල්ලපුු කෙනයි හොරයි ඩීල් දාලා කරන දෙයක්. මං මේවා කළේ මේ දේවල් සියල්ල ඔප්පු කරන්න.

2015 ආපු ආණ්ඩුව හොරු අල්ලන්න ආවත් හොරාට ගෙදර යන්න චොපර් එක දුන්නා. මුල් කාලේ හිටපු ජනපති අවංකව හොරු අල්ලන්න හැදුවත් පස්සෙ වෙනස් වුණා. මං මගේ නිවසේ සිදුවන ඕනෑම ප්‍රවෘත්ති සාකච්ඡාවක් පුද්ගලික කැමරමන් කෙනෙක් ලව්වා රෙකෝඩ් කරනවා. ඒකට හේතුව චැනල් වල දාන්නෙ අයිති කාරයිනට ඕන එක මං සාක්ෂි තබා ගත්තා.

පොට්ට නවුෆර්ගෙ සිද්ධිය නිසා සරත් අඹේපිටියට වෙච්ච දේ දන්නවා.පද්මිණී රණවක මහත්මියටත් මේ බය තිබ්බා.  කුඩ්ඩො වෙනුවෙන් පෙනී සිටින ස්වාමීන් වහන්සේලාත් අද ඉන්නවා. වැරදි දේ වෙනුවෙන් මං පැත්තක් ගන්නෑ. මේ කුඩු සල්ලි මට අවශ්‍ය නෑ. මං හඩක් නැති නිහඩ මනුස්සයාගෙ පත්ත මිසක් කුඩු සල්ලි පැත්ත ගත්තෙ නෑ.

අදත් මං කතාකරන්නෙ ඡන්ද බලාගෙන නෙමේ. බැරිනම් මං ස්වාධීනව ඉල්ලනවා. මං කරපු හැම ප්‍රකාශයකින්ම වගකීම ගන්නවා. ගෝඨාභය ගන්ඨාර හොරකං කරා කියල මැතිවරණ කාලේ බොරුවක් කියන්න කිව්වා. මං කිව්වෙ නෑ. මං වාසියට බොරු ප්‍රකාශ කරන් නෑ.
පියුමි හංසමාලි කියපු කතාවෙ සල්ලි මිටි ගණන් තියන් හිටපු අය හෙළි කරා.ඒවයෙ නම නොකියවුණ අය ගැනත් හොයමු.


මේකට කොමිසමක් පත්කරන්න යනවලු. අගමැතිතුමා මට කතාකරපු හඩ පට තියනවා. එතුමා ඔයා අද එළියෙ ඉන්නෙ මං හින්දා කියපුවා තියනවා. මුතුහෙට්ටි මහින්ද මගේ චිත්‍රපට බලන්න ආපු සම්බන්ධකම් ගැන ඉස්සර විස්තර තියනවා. මං ශානිව හමුවෙලා විස්තර අරන් තියනවා. ඔව් ඇත්ත ඒක ප්‍රශ්නයක් නෙමේ.

මං වැඩිවුණ පඩි ලක්ෂය නොගන්න එකම මන්ත්‍රීවරයා.මං  පැමිණීමේ දීමනාව නොගන්න එකම මන්ත්‍රීවරයා. මගේ මාමා විජය ඥාතියා කාලො වෛද්‍යතුමා ගෙන යන ආදර්ශයේ මං යන්නේ.

ඇයි දැන් අවාසි ඒවා දාන්නෙ නැත්තෙ. කැබිනට් ඇමතිවරුගේ භාර්යාවන් කියපුවා ඇයි දාන්නෙ නැත්තෙ. අගමැති වෙන්න හදහනේ තිබ්බ ඒවා කියන බිරියන් ඉන්නවා. ද ෆිනැන්ස් එකේ හිටපු සේල්ස් රෙප් පහුගිය දවස්වල මරාගෙන කන්න හැදුවා. එංගලන්තෙ ගේ ගත්තෙ මගේ දරුවන්ට ඉස්කෝල යන්න කිව්වා.
මේකට කොමිසම් ගේන් නෑ. නඩු දාන්නෑ මං දැන් පාර්ලිමේන්තුවේදී කියනවා. ගෙනාවොත් උන්ට කෙළවෙනවා. ඒකයි ඇත්ත.

මගේ පක්ෂ සාමාජිකත්වය, ආසනය,සංවිධායක කම දැන් අහිමි වෙලා. මං ගෙදර යන්නම්. නමුත් හඩ පට ගැන ජනතාව දැනගත යුතුයි. කංචන මල්ලි ගියා පෙන්ත් හවුස් එකට දොර ඇරියේ අනිකා විජේසූරිය නෙමේ වෙන කෙනෙක්. බැදුම් කර වංචාව අහුවුනේ එතැනදි.ඒකත් තියනවා. අර්ජුන් ඇලෝසියස් මට කතා කරලා සල්ලි දෙන්න හදපු හැටි තියනවා.ෂාරුක් කාන්ට වෙඩි තිබ්බ එක ගැන ගම්මංපිලගෙන් අහන්න.